කොරෝනා ආසාදනය වීමෙන් තවත් විසි දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ මරණ ගණන 786 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර කොවිඩ් ආසාදිතයන් අද දින 1896 දෙනකු වාර්තා විය.
පළමු වටයේ කොවිඩ් 19 වයිරස ආසාදිත 970 දෙනකු වාර්තා වූ අතර දෙවන වටියේ 920 ද විදේශගතව සිටි පැමිණ නිරෝධායන මධ්‍යස්ථාවල සිටි හය දෙනකු ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 123,234 ක් දක්වා ඉහළ ගොස් තිබේ.