27 C
Colombo
26/11/2024

අගමැති මහින්ද රාජපක්‍ෂ ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සභාපති ධුරයට

Share with your friends :

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සභාපති තනතුරට පත්ව තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ 54 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2021/2022 වර්ෂය සඳහා එහි අධිපතිවරුන්ගේ මුලසුනට පත්ව ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිධූරය දරමින් අන්තර්ජාලය ඔස්සේ පැවැති වාර්ෂික මහ සභාවට සහභාගි විය.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

Share with your friends :