27 C
Colombo
26/11/2024

ආණ්ඩුව කෝටි 800 ක් වැයකර ගුවන් පාලම හතරක් ඉදිකරන්නට යයි

Share with your friends :

බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින රජය ගුවන් පාලම හතරක් කොළඹ නගරයේ ඉදි කිරීමට සුදානම් වෙයි. කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදය පාලනය සඳහා මෙම ගුවන් පාලම් ඉදිකරන බව රජය පවසයි. මහාමාර්ග අමාත්‍යංශය පවසන්නේ මේ සඳහා රුපියල් කෝටි 800 ක් වැයවන බවයි.

මෙම වැඩසටහන යටතේ කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ද, උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද, එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඊට අමතරව බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනර් මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිග මීටර 207 ක් සහ පළලින් මීටර 8.4 කින් යුක්තය. උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 396 ක් වන අතර එහි පළල මීටර 10.4 කි. මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310 කින් සහ පළල මීටර 6.9 කි. මෙම පාලම් තුන සඳහා රුපියල් මිලියන 5270ක් හෙවත් රුපියල් කෝටි 527 ක් වැය කිරීමට නියමිතය.

Share with your friends :