රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන ,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .
මෙම එන්නත් ප්‍රමාණය ලැබෙන්නේ එම එන්නත් සැපයුම් වැඩපිළිවෙළේ පළමු අදියර යටතේ යයිද හා රාජ්‍ය ඇමැතිවරයා කීය.
ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000 මෙරට අවුරුදු 60ට අඩු පුද්ගලයන්ට ලබා දීමට අපේක්ෂා කෙරේ.
මේ අතර ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය හිඟ ලක්ෂ හයක එන්නත් මාත්‍රා ලබාගැනීමට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර ගෙන යන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව මෙරට ජනතාවට ලබාදීම ජනවාරි 29 වැනි දා ආරම්භ කෙරුණු අතර එහි දෙවැනි මාත්‍රාව ලබා දීම ආරම්භ වූයේ පසුගිය සතියේ දීය.මේ අනුව පුද්ගලයන් අනූ දහසකට ආසන්න පිරිසකට දෙවැනි මාත්‍රාව දැනට ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.