තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ.
ඒ සමඟම මෙරට වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 709 දක්වා ඉහළ යයි.
දිවුලපිටිය ප්‍රදේශයේ 44 හැවිරිදි කාන්තාවක්, ජා ඇල ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි අයෙක්, මාවිල්මඩ ප්‍රදේශයේ 42 හැවිරිදි අයෙක්, මීගමුව පදිංචි 68 හැවිරිදි පිරිමි අයෙක්, මාලඹේ ප්‍රදෙශයේ 66 හැවිරිදි පිරිමි අයෙක් සහ 82 හැවිරිදි කාන්තාවක්, බොරැල්ල ප්‍රදේශයේ 52 හැවිරිදි අයෙක්, නුවරඑළිය ප්‍රදේශයේ 59 හැවිරිදි පිරිමි අයෙක්, මෝදර 79 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව පදිංචි 68 හැවිරිදි අයෙක්, පානදුර ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, බුලත්සිංහල ප්‍රදේශයේ 77 හැවිරිදි කාන්තාවක් සහ ගම්පහ ප්‍රදේශයේ 80 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.
කොවිඩ් 19 වයිරස ආසාදිතයින් තවත් 867 දෙනකු අද (3) දිනයේ දී වාර්තා විය.
ඒ අනුව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1923 ක් දක්වා ඉහළ ගිය අතර මෙය දිනකදී වාර්තා වූවැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වේ.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 113,676 ක් දක්වා ඉහළ ගොස් තිබේ.