කොරෝනා ආසාදන වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය නොමිලේ සිදුකිරීම සඳහා චක්රලේඛයක් නිකුත් කරන බව රාජ්ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ඒ අනුව පළාත් පාලන ආයතන වලට අයත් ආදානාගාර තුලින් නොමිලේ එම මල සිරුරු ආදාහනය කල හැකි බවද ඔහු පැවසීය.