විදේශ රටක සිට මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව ඉදිරි දින 14ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි මෙරටට පැමිණෙන ගුවන් යානයක සිටිය හැකි උපරිම මගින් සංඛ්‍යාව 75 දෙනකුට සීමා කළ යුතු බවත් , මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමගාම ඇතුළුව මෙරටට ගුවනින් මගීන් රැගෙන එන සියලුම ගුවන් සේවා සමාගම් වෙත නිල වශයෙන් දැනුම් දුන් බවද එම අධිකාරිය කියා සිටී. ‘
මෙරටට පැමිණෙන ගුවන් යානයක සිටිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75 දෙනකු දක්වා සීමා කිරීමට රජය ගත් තීරණය කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත මේවන විට ලිඛිතව දන්වා ඇතැයි එම අධිකාරිය කියා සිටී.