මැයි දින සැමරුමක් අතරතුර මිට වසර 28 කට පෙර ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගේ ගුණසමරුව අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන් අලුත්කඩේ ඉදිකර ඇති රණසිංහ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට පැවැත්විණි.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා, හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු පිරිස පුෂ්පෝපහාර දැක්වුහ.
එයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගී වුහ.
1993 එක්සත් ජාතික පක්ෂ මැයි පෙළපාලිය අතරතුර ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය විය.