මානව වර්ගයාගේ මුල්ම විස්තර අවුරුදු 35,000 ක් පමණ කලකට පෙර දිවෙන අතර එම සොයාගැනීම් වලට අනුව ශ්‍රි ලංකාව එම ඉතිහාසයේ තීරණාත්මක කොටසකි. එහෙයින් අපේ අනාගත පරපුර සඳහා ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සඳහා අප ඒකමතිකව වගකිව යුතුය. ගස් සහ ශාක සොබාදහමේ සහ අපගේ ජීවිතයේ ඉතාමත් වැදගත් කොටසක් වී ඇති නමුත් සංවර්ධනය හේතුවෙන් බොහෝ ගස් හා ශාක විනාශ වෙමින් පවතී.
එවන් වටපිටාවක ග්ලොබල් ලයිෆ්සටයිල් ලංකා සමාගම ඔවුන්ගේ සමාජ සත්කාර මෙහෙවරක් ලෙස “හරිත සවිය”යන තේමාව යටතේ තිඹිරිගස්යාය සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශ අතුලත ස්ථාන කිහිපයකම ගස් සිටුවීමේ වැඩසටහන් පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන් අලුත්කඩේ ප්‍රජා විශෝධන කාර්යාලය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සංවර්ධන නිලධාරී (ප්‍රජා විශෝධන) සංජීව වන්නිආරච්චි මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුකෙරෙන ව්‍යාපෘති සමූහයකි.
මෙහි පළමු අදියර 2021 පෙබරවාරි 19 වන දින නාගස්වත්ත ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ විය.
දෙවන අදියර වැඩසටහන 2021 මාර්තු 16 වන දින බොරැල්ලේ අගරදගුරු කාදිනල් මැල්ක්ම් රංජිත් හිමිපාණන් ගේ මැදුර පරිශ්‍රයේදී සිදු කෙරින.
තුන්වන අදියර කිරුළපන සිතුමින උත්සව ශාලාව කේන්දු කරගනිමින් කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුව යටතේ පවතින පරිශ්‍ර හතකදී 2021.03.30 දින ක්‍රියාත්මක විය.
ග්ලොබල් ලයිෆ්සටයිල් ලංකා සමාගම විසින් මෙවැනි ව්‍යාපෘති කිහිපයක් සඳහා අඛණ්ඩව දායක වී ඇති අතර සොබාදහමට සහ ප්‍රජාවන්ට ආපසු ලබා දීමේ ව්‍යාපෘති දිගින් දිගටම සංවිධානය කිරීමට එම සමාගම බලාපොරොත්තුවෙන් සිටි.