27 C
Colombo
25/11/2024

චීන ආරක්ෂක ඇමති එනවිට පාර වැසුවාට එරෙහිවූ පුද්ගලයකු අත්අඩංගුවට

Share with your friends :

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණිමේ දී සාමාන්‍ය ජනතාවට මාර්ග වසා දමා පාරවල් අවහිර කිරීමට විරුද්ධව වාහනයේ හෝන් ගැසූ පුද්ගලයකු පොලීසිය විසින අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පුද්ගලයා රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කළ බව පසමිනි.

පසුගිය 27 වනදා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ රථ පෙළට ගමන් කිරීම සඳහා මාර්ග කිහිපයක රථ ගමනාගමනය සඳහා අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබු අතර එහිදී ඊට ජනතාව විරෝධය පල කරන ලදී.

මේ පුද්ගලයාද එයට විරෝධය පළ කරමින් අනෙක් රථ වාහන රියදුරන් පොලීසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවමින් ඒ පිළිබඳ විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබු බව පොලීසිය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු වසර දහයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරට පැමිණි පුද්ගලයෙකි.

Share with your friends :