එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට රෝහලට ගොස් පැයකට අධික කාලයක් සාකච්ඡා පවත්වා තිබේ.
තමා අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බව එහිදී හරීන් ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අවශ්‍ය ඕනෑම නීතිමය සහයක් ලබාදීමට තමා සූදානම් බවයි.
එහිදී හිටපු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර පැයක පමණ සාකච්චාවක් පැවැත් වී ඇතැයිද ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කල බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.