27 C
Colombo
25/11/2024

බුර්කාව තහනම් කරන්නට කැබිනට් අනුමැතිය

Share with your friends :

පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීම පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම දුෂ්කර වන නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

ලොව වෙනත් රටවල ද මෙවැනි පියවර ගෙන තිබෙන බව ඇමතිවරයා පැවසීය.

ඒ සඳහා කෙටුම්පතක් කෙටුම්පතක් සකස් කිරීමට අදාළ අංශවලට උපදෙස් ලබාදීමට ද මෙහිදී අනුමැතිය හිමිවූ බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි

Share with your friends :