මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන්නට යන ඉ-මෝටරින් සේවාව දකුණු අප්‍රිකානු සමාගමට ලබා නොදී එයද යුදහමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවකයෝ එක්ව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් දෙපාර්තමේන්තු සේවකයෝ ඉල්ලා සිටිති.
මේ මගින් දකුණු අප්‍රිකානු සමාගමකට ඇදී යන විශාල විදේශ විනිමයක් රටට ඉතිරි කර ගත හැකි බවද රට මේ අවස්ථාවේ මුහුණදී ඇති මූල්‍ය අර්බුදයට එය විශාල සහනයක් වනු ඇතැයිද
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවකයෝ ඉල්ලා සිටිති.
දැනට රජයට ලැබෙන විශාල ආදායමක් මෙය දකුණු අප්‍රිකානු සමාගමට ලබාදීම තුල අහිමි වන බවද , එසේම රටේ සියලු වාහන විස්තර හා ජනතාවගේ විස්තර විදෙස් රටකට මෙයින් හිමිවන බවටද සේවකයෝ පෙන්වා දෙති.
අදාල දකුණු අප්‍රිකානු සමාගම මගින් සිදුකල රියදුරු බලපත්‍ර මුද්‍රණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව මේ වන විට ශ්‍රීලංකා යුදහමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ඉතාම සාර්ථකව සිදු කරන බවද සේවකයෝ පෙන්වා දෙති. ඒ හේතුවෙන් මාස්පතා දකුණු අප්‍රිකාවට ගලාගිය කෝටිගණන් විදේශ විනිමය ඉතිරි කරගන්නට හැකිවී ඇතැයිද දෙපාර්තමේන්තු සේවකයෝ පෙන්වා දෙති.
දැනටත් දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචිය හා පැවරුම් ආදී සියලු කාර්යයන් දෙපාර්තමේන්තු සේවකයන් සිදු කරන අතර මේවා විදේශ රටකට පැවරීමෙන් රටට සිදුවන කිසිදු යහපතක් නැති බවද ජනාධිපතිවරයාගේ රට හදන වැඩපිළිවෙල යටතේ මෙම ක්රියාවලියද රටේම සිදුකර ගැනීම තුල විශාල ඉතිරියක් රටට සිදුවන බවද සේවකයෝ පෙන්වා දෙති. රජයේ සේවකයන් මගින් සිදුකල මෙම කටයුත්ත දුෂිත ක්‍රියාවලියක් යටතේ සිදුකල ටෙන්ඩර් ක්‍රමවේදයක් යටතේ මෙය විදේශ සමාගමකට ලබාදී ඇතැයිද සේවකයෝ පෙන්වා දෙති.