ශ්‍රීලංකන් ගුවන් සේවයට රුපියල් මිලියන ගණනාවක පාඩු සිදු කරමින් සහ එහි ආරක්ෂිත තත්වයන් හා කීර්තිනාමය අනතුරේ හෙලමින් කටයුතු කරමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවා මුර කළමනාකාර (Roster Manager) නාලක ද සොයිසා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට එහි පාලනාධිකාරිය හෝ කළමනාකාරිත්වය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එහි වෘත්තීය සමිති වල දැඩි විරෝධය පලවී තිබේ.
නිරෝධායනය නිසි ලෙස අවසන් නොකළ සිටි ගුවන් නියමුවෙකු PCR පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන්නට පෙර මොහු විසින් සේවයේ යෙදවීම නිසා මාලදිවයිනට ගිය ගුවන් යානයක් නැවත ශ්‍රීලංකාවට ගෙන ඒමට තවත් ගුවන් යානයක් හා කාර්ය මණ්ඩල දෙකක් යවන්නට සිදුවීම නිසාය.
ඒ අනුව අදාළ ගුවන් නියමුවාට එම යානය නැවත ශ්‍රීලංකාවට රැගෙන ඒමට නොහැකි නිසා තවත් ගුවන් යානයක් කාරය මණ්ඩල දෙකක් සමග මාලදිවයිනට යවන්නට සිදුවූ අතර එතෙක් ගුවන් යානය ප්‍රමාද වීම නිසා මාලදිවයිනේ සිටි මගීන්ට විවිධ සේවා සපයන්නට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුවීම නිසා මේ සිද්ධියෙන් විශාල පාඩුවක් ගුවන් සේවයට සිදු විය.
පසුව එහි ගිය ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර් බස් 320 යානයේ පිය ගැට පෙළ සවිකරන්නට පැමිණි වාහනයක් ගුවන් යානයේ ගැටී ඇති අතර ඒ හේතුවෙන් එම එයාර් බස් 320 යානයට අලාභ හානි සිදුව ඇත. පසුව එම යානය එහි දමා කලින් තිබු යානය රැගෙන නව කාර්ය මණ්ඩලය සමග එම එයාර් බස් 330 යානය මගීන් සමග යලි ශ්‍රීලංකාවට පැමිනියේය.අදාල අලාභ හානි වූ යානය අලුත්වැඩියා කිරීම සඳහා තවත් ශ්‍රීලංකන් ගුවන් යානයක් එහි යවන්නට ගුවන් සේවයට සිදුව විය. එසේම පුහුණුවන ගුවන් නියමුවන් යොදවා මගී ගුවන් යානා සේවයට යෙදවීම නිසා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මෙහෙයුම් ප්‍රධානියා සහ ප්‍රධාන නියමුවා තනතුරු වලින් ඉවත් කෙරුනද ඊට ඍජුවම වගකිව යුතු නාලක ද සොයිසා සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම බොහෝදෙනාගේ විමතියට හේතුවී තිබේ.
එපමණක් නොව නාලක ද සිල්වාගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා මේ නියමුවන් ශ්‍රීලංකා රේගුව හා ආගමන විගමන නිලධාරීන් වෙතද නිරාවරණය වූ අතර එම නිසා එම සියලුම දෙනා දැඩි අවදානමකට ලක් වුහ. මේ තත්වය මත තම රාජකාරී වගකීම ඉටු නොකිරීම , ගුවන් මගීන්ගේ හා සෙසු සේවක යන්ගේ ජීවිත අවදානමකට ලක් කිරීම , ශ්‍රීලංකා රේගු සහ ආගමන විගමන නිලධාරීන්ගේ ජීවිත අවදානමකට ලක් කිරීම , ශ්‍රීලන්කන් ගුවන් සේවයට මිලියන ගණනාවක පාඩුවක් සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ලවී ඇති නාලක ද සොයිසා සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයෝ සහ වෘත්තීය සමිති ඉහල කළමනාකාරිත්වයෙන් දැඩිව ඉල්ලා සිටිති. එසේ නොවුවහොත් මොහුගේ මේ වගකීම් විරහිත කටයුතු නිසා ගුවන් සේවයට ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටළු රැසකට මුහුණපාන්නට සිදුවනු ඇති සේවක වෘත්තීය සමිති පෙන්වා දෙති.එසේම මොහු විසින් කොරෝධයන නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් ගනනාවක් යටපත් කර ඇතැයිද මොවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් හෝ විගණනයක් වහාම සිදුකරන ලෙස වෘත්තීය සමිති පාලනාධිකාරියෙන් ඉල්ලති.