ජනතාවට අඩු මිලට සීනි ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නිසා සීනි මුදලාලිලාට පාඩු සිදුවූ බව පවසමින් එක්තරා ඇමතිවරයකු සීනි බද්ද යලි වැඩිකර ගැනීම සඳහා ප්‍රබල උත්සාහයක නිරතවී සිටින බව පැවසේ.
ජනාධිපතිවරයා වෙත සීනි මිල අඩු කිරීම සඳහා යෝජනා කර ඇත්තේ එක්තරා රාජ්‍ය ආයතනයක ජනාධිපතිවරයාට සමීප සභාපතිවරයකු විසිනි. එහෙත් එම සීනි මිල අඩු කිරීම නිසා මෙරට කුප්‍රකට සීනි ව්‍යාපාරිකයකු ඇති විශාල ලබහයක්ද හිමි කරගෙන තිබිණි.
කෙසේ වෙතත් මේ බදු අඩු කිරීමෙන් තමන්ට පාඩු සිදුවූ බව පවසමින් සීනි වෙළඳුන් එක්තරා ඇමතිවරයෙක් හමුවී ඇති අතර මේ ඇමතිවරයා දැන් ජනතාවට ඇති ජීවන බර ප්‍රශ්න අමතක කර සීනි මිල වැඩි කිරීම සඳහා රජයට බලපෑම් කරන බව සඳහන්ය.මේ අතර සීනි බදු අඩුකළ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් එක්තරා සීනි වෙළෙන්දෙකුට අයත් සීනි තොග ටොන් හත්පතැපන්දහසක් රැගත් නැව් තුනක් මේවන විට ශ්‍රීලංකාව වෙත ළඟ වෙමින් ඇති බවද පැවසේ.
previous post
next post