27 C
Colombo
25/11/2024

ව්‍යාපාරික ධම්මික පෙරේරා දේශපාලනයට ?

Share with your friends :

ශ්‍රීලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ළඟදීම දේශපාලනයට පිවිසීමට සුදානමින් පසුවන බවට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
මේ වන විට රටේ විවිධ ක්ෂේත්‍ර වල සිදු කලයුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඔහු විවිධ දේශනා හා රූපවාහිනී වැඩසටහන් පවත්වමින් සිටීම මීට හේතුවී තිබේ.
එම ඇතැම් වැඩසටහන් වලින් ඔහු පවසන ඇතැම් කරුණු ප්‍රයෝගික වුවද ඇතැම් ක්ෂේත්‍ර ගැන දක්වන කරුණු අනුව ඔහුට කිසිදු ප්‍රයෝගික අවබෝධයක් නොමැති බවටද සෙසු ව්‍යාපාරිකයෝ පවසති. උදාහරණයක් ලෙස පොල් කර්මාන්තය ආශ්‍රිත ඔහුගේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් සෙසු ව්‍යාපාරිකයෝ පවසන්නේ එම කර්මාන්තයේ ප්‍රශ්න ගැන ඔහුට අවබෝධයක් නොමැති බවය. ඒ කෙසේවෙතත් සාමාන්‍ය ජනතාව තුල මේ වන විට ඔහුගේ ප්‍රතිපත්ති හා සැලසුම් සම්බන්ධයෙන් යහපත් මතයක් ඇතිවෙමින් පවතී. ඒ මේ වන විට රටට අවශ්‍යව ඇත්තේ ආර්ථික වශයෙන් රට සංවර්ධනය කල හැකි පුද්ගලයකු බවට ජනතාව තුල මතයක් ඇතිවෙමින් තිබීමය. කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද ඔහුගේ නම කියවුනද පසුව අවසානයේ ඔහු ඒ සඳහා තරග නොකළේය.
කෙසේවෙතත් මෙතෙක් ඔහු සිදුකල ව්‍යාපාර ක්ෂේත්‍ර මේ වන විට පුළුල් කරමින් වැඩි රැකියා බිහි කෙරෙන නිෂ්පාදන ක්ෂේත්‍රවලට මේ වන විට ඔහු යොමු වෙමින් සිටී. ඔහු මීට පෙර ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් රටේ ප්‍රධ්නපෙලේ සංවර්ධන කටයුතු වලට දායකත්වය සැපයීය.
මතුගම ප්‍රදේශයෙන් පැවත එන ඔහු මෙරට ධනවත්ම ව්‍යාපාරිකයා ලෙස සැලකේ.

Share with your friends :