තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරණ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් වසංගත තත්වය උත්සන්න වීමත් සමග රාජ්‍ය අංශයේ කාර්යාලවල දෛනික කටයුතුවලටද සීමා පැනවීමට සිදුවනු ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි. මේ වනවිට ඒ සම්බන්ධයෙන් බළධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් අද හෝ හෙට ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ප්‍රකාශයට පත් කරන බවත් ලේකම්වරයා සඳහන් කරයි.
කොවිඩ් පළමු රැල්ල සමයේදී මෙන් රාජ්‍ය ආයතන වෙතට ගෙන්වා ගන්නා කාර්ය මණ්ඩල සීමා කිරීම, කාර්යාල වෙත නොපැමිණෙන සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරදීම මෙම චක්‍රලේඛය මගින් අවසර ලබාදෙන බව ද රත්නසිරි මහතා සඳහන් කළේය. නව කොවිඩ් තත්ත්වය හමුවේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධ තවත් නිර්දේශ ගණනාවක් මෙම චක්‍රලේඛයට ඇතුළත් කරන බව ද ලේකම්වරයා කීවේය.
සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි, නව වසංගත තත්ත්වයට මුහුණදීමේ අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත් කරන බව ජේ.ජේ රත්නසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය වසරේ මාර්තු මාසයේදී රාජ්‍ය ආයතන සඳහා මෙවැනි සීමා පැනවූ අතර වසරකට ආසන්න කාලයක් තිස්සේ විවිධ සීමා යටතේ අවම සේවකයන් පිරිසක් සේවයට වාර්තා කල අතර එම සීමා සම්පූර්ණයෙන් ඉවත් වූයේ මෙම වසරේ මාර්තු 08 වැනිදායි.