වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ගුවන්තොටුපොළ කටයුතු සහ සංචාරකයන් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරියටම පවත්වා ගෙන යන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එසේම කොවිඩ් ආසාදීතයින්ගේ වැඩිවුවද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම සීමා කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද කී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි
එම ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාවට නංවා , හැකි උපරිමයෙන් කොවිඩ් පාලනයට සහාය දක්වන ආකාරයෙන් සිදු කිරීමට වගබලා ගන්නා බවද හෙතෙම කියයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් සංචාරකයන් ගෙන්වූයේ ආරක්ෂිත ක්‍රමයකට අනුව බවත් ,ලංකාවට පැමිණි සංචාරකයෙක් ආසාදීතයෙක් නම් ඔවුන් සමාජගත වීම වැලැක්වූ බවය.
කෙසේ නමුත් මේ වනවිට සංචාරක පැමිණීමේ අඩුවක් දකින්නට ලැබෙන බවද සංචාරක අමාත්‍යවරයා පවසයි.