27 C
Colombo
24/11/2024

කෘෂිකර්ම අමාත්‍යංශය සබීතාගේ ගොඩනැගිල්ල ආපසු බාර දෙයි

Share with your friends :

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ පෞද්ගලික කුලී ගොඩනැගිල්ල සඳහා පසුගිය වසර පහේ දී රුපියල් කෝටි එකසිය තිස් දෙකකට වැඩි මුදලක් ගෙවා ඇතැයි අලුත්ම ගණනය කිරීම් වලදී තොරතුරු හෙළි වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය ඇත්තේ ප්‍රවීණ නිළියක වන සබීතා පෙරේරා මහත්මියට හා ඇගේ සැමියා ට බව පැවසේ.
එම කුලී ගොඩනැගිල්ල සඳහා එක් මසක් වෙනුවෙන් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇත.

ගොඩනැගිල්ලේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව එම ගොඩනැගිල්ල පසුගිය 6 වැනිදා එහි හිමිකරුට භාර දුන් බව කි පුෂ්පකුමාර මහතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ හිමිකරුට භාරදුන් ආරක්ෂණ තැන්පතු මුදල වු රුපියල් කෝටි 7කට ආසන්න මුදල ඔහුගෙන් නැවත ලබා ගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොඩනැගිල්ලට යම් අලාභයක් සිදුවී ඇත්නම් එම මුදල අඩු කරගෙන තැන්පතු මුදලේ ඉතිරි කොටස ලබා ගන්නා බවත් එවැනි අලාභයක් සිදුවී ඇද්දැයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මාර්ගයෙන් වාර්තාවක් ලබාගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ අතර යම් ලෙසකින් හෝ එම තැන්පතු මුදල ලබා දීම ගොඩනැගිල්ලේ හිමිකරු ප්‍රතික්ෂේප කළහොත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය .

Share with your friends :