අති විශේෂ ප්‍රභූන් පිරිසක්, ප්‍රකට ව්‍යාපාරිකයන්, සුරූපී නිරූපිකාවන් සහ මාධ්‍යවේදීන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් ලබන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට නියමිත බවට මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමත් සමග මෙම ගමන සඳහා සහභාගී වන්නේ මාධ්‍යවේදීන් පමණක් බවට ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කර තිබේ.
මීට පෙර අදාළ ගමන මෙම පිරිසට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පූර්ණ අනුග්රහක නිවාඩුවක් සමග ගත කිරීම සඳහා එම චාරිකාවේ නියැලෙන බව ද සඳහන්ව තිබු අතර ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කරන්නේ ඒ සඳහා අනුග්‍රාහකත්වය කෙන්යාවේ වෙසෙන ශ්‍රීලාංකිකයන් විසින් දරන බවය.
මුලින්ම අප්‍රේල් 22 වැනිදා මෙම ගමන සැලසුම් කර තිබුණද එම සංචාරය 29 දින දක්වා වනදා දක්වා කල් දමා තිබිණි.
මේ සම්බන්ධයෙන් මීට පෙර මාධ්‍ය මගින් අදාළ ගුවන් සමාගමෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වා නැති අතර ඊට සහභාගි වන අති විශේෂ ප්‍රභූන් කවුදැයි ද හෙළි කිරිමට නොහැකි බවද පවසා තිබිණි.
මේ අතර කොරෝනා වසංගතය මධ්‍යයේ ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය පිරිසක් සේවයෙන් ඉවත් කර ඇති අතර සමාගම මූල්‍ය අර්බුදයකද පවතින මොහොතක මෙම ගුවන් ගමන සම්බන්ධයෙන් එහි වෘත්තීය සමිති පවා විරෝධය පල කර තිබිණි. ශ්‍රීලන්කන් ගුවන් සේවක වැටුප් මේ වන විට විශාල කප්පාදුවකට ලක් කර ඇති අතර සේවක දීමනා රැසක් කපා හැර තිබේ.