ආණ්ඩුව මැයි රැලි පැවැත්වීම වළක්වන්නේ ආණ්ඩුවේ අසමගිය එයින් ලොවට පෙන්නුම් කෙරෙන නිසා බවත් මැයි දිනයේ වැළැක්වීමට ආණ්ඩුව දරන සටකපට උත්සාහයට එකඟ නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එසේම තම පක්ෂය අනිවාර්යෙන්ම මැයි දිනය පවත්වන බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා කියා සිටියේය.
මැයි දිනය තහනම් කළ ඉතිහාසයක් මෙරට තිබූ බවත් එම ඉතිහාසයෙදිද වැඩකරන ජනතාව මැයි දිනය පැවැත් වූ බවද ඒ මහතා සඳහන් කළේය.
මැයි දින රැලි නොපැවැත්වීමට සියලුම පක්ෂය තීරණය කලේ යයි වන ප්‍රකාශය අසත්‍ය මෙන්ම සටකපට එකක් බවද පැවසූ මෙවන් තිරණයකට ආණ්ඩුව එළැඹියේ සෞඛ්‍යය ප්‍රශ්නයකට නොව ආණ්ඩුවේ අසමගිය එළියට එන නිසා බවද ඔහු පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලය දී පැවති මාධ්‍ය හමුවකදීය.