කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව දැඩි විරෝධයක් පසුගිය සතියේ අවුළුවා ලූ නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හදිසියේම පකිස්ථානය බලා ගොස් තිබේ.
මෙම සංචාරයට තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ව සිටිති.
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ දැඩි විරෝධය එල්ල විය. එය චීන කොළනියක් බවට පත්කිරීමට රජය සූදානම් වන බව උන් වහන්සේ සඳහන් කළහ. මේ වනවිට උන් වහන්සේ සංචාරයෙහි නිරත වී සිටින්නේ කලාපය තුළ වැඩිම චීන බලපෑමට නතුවූ තවත් රටක් වන පාකිස්ථානයට වීම බොහෝ දෙනා මවිතය පල කරති.
උන් වහන්සේ පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සහ එරට ජනාධිපතිවරයා ද හමුවීමටද නියමිත බව පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබිණි.