පරමාණුක ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බවට වාර්තා පළ වන හෙයින් ඒ ගැන වහා සොයා බලා කටයුතු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එවැනි නැවක් පැමිණ ඇත්නම් එය වහාම පිටමන් කිරීමට කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය.
එම වාර්තා වල දැක්වෙන අන්දමට මෙම නෞකාව සොයාගනු ලැබ ඇත්තේ පරමාණු බලශක්ති අධිකාරිය විසිනැයි කී ප්‍රේමදාස මහතා නැව පරික්ෂා කිරීමට නාවික හමුදාවට පවා ඉඩ දී නැතැයි ද සඳහන් කළේය.
එම නැව වහාම ඉවත් කරගන්නැයි පරමාණුක බලශක්ති අධිකාරිය නියෝගයක් දී ඇතත් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් තානාපති කාර්යාලයක බලපෑමට යටත් වී එසේ කටයුතු කරන්නේ යයි දැනගන්නට ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පරමාණු ද්‍රව්‍ය මිනිස් ජීවිතයට බරපතල තර්ජනයක් බවත් මෙම ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායක වරයා කියයි.
මේ අවස්ථාවේ දී රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.
මේ අතර යුරේනියම්’ නැමැති විකිරණය ගබඩාකර ඇති බව හෙළි නොකර හම්බන්තොට වරායට ඇතුල්වූ චීන භාණ්ඩ ප්‍රවාහන නෞකාව මේ වන විට වරායෙන් පිටතට යවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (21) පස්වරුවේ පැවසීය.
කාර්මික දෝෂයක් හේතුවෙන් අදාල නෞකාව හදිසියේ පෙරේදා (20) හම්බන්තොට වරායට ඇතුල්කර ඇති බවත් එහි ’යුරේනියම්’ ගබඩා කර ඇති බව හෙළිවීමෙන් පසුව පිටත්කර හැරීමට පියවර ගත් බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම නැව පිළිබඳව කලබල වීමට අවශ්‍ය නොවන බවත් මෙවැනි විකිරණයන් ‘අන්තරාදායක නැව් භාණ්ඩ’ කාණ්ඩය යටතේ ප්‍රවාහනය කිරීම සාමාන්‍ය තත්වයක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ නැව අලුත්වැඩියාව සම්පූර්ණ කරගත්තේ ද යන්න නොදන්නා බවත් මේ වන විට කිසිඳු අවදානමක් නොමැති බවත්ය.
නෙදර්ලන්තයේ සිට චීනය බලා යත්රාකරමින් තිබියදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා අලුවැඩියාවක් සඳහා හම්බන්තොට වරායට ඇතුල්වීමට ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව අදාල අදාල නැවට අවසර ලබාදී ඇති බවත් එහි ’යුරේනියම්’ නැමැති විකිරණය ගබඩා කර ඇති බවට හෙළිවීමත් සමඟ වරායෙන් පිටතට යොමු කර තිබේ.