සිරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලැබුනහොත් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව ලබාදීම සඳහා තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
යම් ලෙසකින් හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන්නේ නම් මෙවර පළාත් සභා මැතිවරණයේ බස්නාහිර පළාත් මහා ඇමති අපේක්ෂක ලෙස තරග කරන ලෙස ඔහු වෙත ඉල්ලීම් රැසක් ඉදිරිපත්වී තිබේ.
පසුගිය ඌව පළාත් සභාව සඳහා හරින් ප්‍රනාන්දු තරග කල අතර එය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් විය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම සම්බන්ධයෙන් හේතු දක්වමින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස එහිදී ජනාධිපතිවරයා දැනුම් දුන් බව සඳහන්ය.
සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීම ද දැනුවත් කර තිබේ.
අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු වූ රන්ජන් රාමනායක වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විදිමින් මේ වන විට අගුනුකොලපලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටී. ඔහු බැලීම සඳහා නාමල් රාජපක්ෂ ඇමතිවරයා පසුගිය දිනවල බන්ධනාගාරයට ගොස් ඔහු සමග පැය භාගයක කාලයක් කතාබහක නිරත වී තිබිණි.
මේ අතර මිනීමැරුම් චෝදනා යටතේ මරණීය දණ්ඩනයට ලක්ව සිටින දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලබා දෙන ඉල්ලමින් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද මීට පෙර ලිඛිතව ඉල්ලා තිබිණි.