දැනට සිර ගත කර ඇති දින 18 ක් තිස්සේ උපවාසයක යෙදී සිටින රුසියානු විපක්ෂ නායකයකු වන ඇලෙක්සි නවලිනි හට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොකළහොත් ඉදිරි දින කිහිපය තුල ඔහු මිය යනු ඇතැයි ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසා තිබේ. තම රෝගාබාධ සඳහා නිසි ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලමින් ඔහු මෙම උපවාසයේ නිරත වෙයි.
පසුගිය දිනවල ඔහුට සිදුකරන ලද රුධිර පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ ඕනෑම අවස්ථාවක ඔහුට හදවත් ආබාධ හෝ වකුගඩු අකර්මන්‍ය වීමක් ඇතිවිය හැකි බවයි.
ඔහු රුසියානු ජනාධිපති පුටින් ගේ ප්රබලතම ප්‍රතිවාදියා වන අතර රුසියානු රජයේ දරුණුතම විවේචකයාද වෙයි.