27 C
Colombo
24/11/2024

විවාහක රූ රැජින තරගයේදී පුෂ්පිකා දිනවන්න නීති වෙනස් කල බව තරගකාරියන් පිරිසක් පවසති

Share with your friends :

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟයේදී පුෂ්පිකා ද සිල්වාට විශේෂ සැලකීමක් සිදු කරමින් ඇය ජයග්‍රහණය කරවීම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබූ බවද , එහිදී ලෝක විවාහක රූ රැජින ලෙස කැරොලයින් ජූරිගේ හැසිරීම නිවැරදි බව ද පවසමින් එම තරගය සඳහා සහභාගී වූ තරගකාරියන් 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වුහ.

ඔවුන් එහිදී චෝදනා කළේ සංවිධායකයන් විසින් තමන්ම රවට්ටන ලද බවත් පුෂ්පිකා ද සිල්වා ට කිරුළ ලබාදීමට තමන්ව පාවිච්චි කළ බවත්ය.

එම තරගයේදී පළමුව ඉදිරිපත් කර තිබූ නීති මාලාව පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බවද ඔවුන් කියා සිටියහ.

තරගයට සහභාගී වූ සියලු තරගකාරියන් විවාහක විය යුතු බවත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ද සාක්ෂිකරුවන් ලෙස පැමිණිය යුතු බවත් දැනුම් දුන්නද පසුව එම කොන්දේසි නොතකා හැරි බව ද ඔවුන් චෝදනා කළහ.

එමෙන්ම තරගාවලියේ දී පවත්වන්නට නියමිතව තිබූ ස්වාමි පුරුෂයා සමග ඉදිරිපත් කිරීමද මෙවර අවලංගු කර තිබූ බවත් කියා සිටියහ.

Share with your friends :