27 C
Colombo
25/11/2024

ආයෝජන වලට වඩා රටේ ස්වෛරීභාවය වැදගත්-පෝර්ට් සිටි ගැන ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනස් ස්ථාවරයක

Share with your friends :

රටේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී කටයුතු කරන බවත් , රටට ආයෝජන ගෙන ආ යුතු නමුත් රටේ නිදහස, ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් , එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය මහ ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.
කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව නීති විශාරදයින්ගේ මතය විමසා ඒ අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගන්නා බව ද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

Share with your friends :