27 C
Colombo
23/09/2024

රන්ජන් රාමනායකගේ සුවදුක් බැලීමට නාමල් රාජපක්ෂ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට

Share with your friends :

සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (16) සවස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ඇත.
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අමාත්‍යවරයා පැය භාගයක් පමණ රන්ජන් රාමනායක මහතා සමඟ කථා බස් කිරීමෙන් පසු පිටත්ව ගොස් ඇත.
අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඬුවමක් නියමවූ අතර මේවන විට ඔහු පැලැස්ස බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා තබා සිටී.
රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට යන බවටද මේ වන විට රාවයක් පවතී.

Share with your friends :