සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී ඇතිවූ හදිසියේ අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ සීගිරිය සංචාරක පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් .එම් .උපාලි කරුණාතිලක නමැති 58 හැවිරිදි තිදරු පියෙකි .
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක සමග සීගිරිය සිංහ පාදය දෙසට ගමන් කරමින් සිටියදී එකවරම ඔහු අසනීප තත්ත්වයකට පත්ව ඇද වැටී ඇත.
වහාම හදිසි ගිලන් රථ සේවාව ගෙන් වත් පහලට ඔසවාගෙන විත් උපාලි කරුණාතිලක මහතා සීගිරිය රෝහලට ගෙනගියද ඒ වන විට වන විටත් ඔහු මියගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
මීට දින කීපයකට පෙර බියගම පොලිස් ස්ථානාධිපතිවරයාද මේ ආකාරයට හදිසියේ අසනීපවී මිය ගොස් තිබිණි.
previous post