27 C
Colombo
24/11/2024

කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීම නිසා එංගලන්තය සති හතරකට වසා දැමේ

Share with your friends :

කොරෝනා වසංගතය හේතුවෙන් සති හතරක කාලයකට බ්‍රිතාන්‍ය වසා දමා තිබේ.
නව නීති රීති හා සීමාවලට අනුව අවන්හල්, බීමහල්, කායවර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන සාප්පු යනාදී සියල්ල සති හතරක කාලයක් සඳහා වසා දැමුනද
මෙවර පාසල්, උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල විවෘතව තැබිය හැකිය.
දෙසැම්බර් 2 වැනිදා මෙම ලොක්ඩවුන් සීමා ඉවත් කෙරෙන අතර ඒ වන විට පවතින තත්වය අනුව අවදානම සැලකිල්ලට ගනිමින් ලොක්ඩවුන් සීමා පැනවීමට නියමිතය.බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ මෙවර නත්තල පෙර පැවැති නත්තල් සැමරුම්වලට වඩා වෙනස් වනු ඇති බවයි.
රට වසා දැමුනද මේ අතර සේවකයන් සඳහා සියයට අසුවක් වැටුප් ගෙවීමේ ක්‍රමය නොවැම්බර් මාසය දක්වා දීර්ග කරන බවද , රට වසා දමන්නේ නැතිව වහාම පියවර නොගත හොත් තවත් දහස් ගනනක් මියයාමට හැකි බවද අගමැතිවරයා පවසයි
කෙසේ වෙතත් අගමැතිවරයාගේ මෙම තීරණයට දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පාර්ශව විරෝධය පළකර තිබේ.

Share with your friends :