27 C
Colombo
22/10/2024

පරිපාලන ගැසට්ටුවට සෞඛ්‍ය ඇමැතිනියට GMOA බලපෑම් – පරිපාලක වෛද්‍ය සංසදය

Share with your friends :

නුසුදුස්සන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කරන බවට වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදය චෝදනා කරයි.
වෛද්‍ය පරිපාලන තනතුරුවලට සුදුස්සන් පත් කිරීමේදී වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිධාරිනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට සඳහන් කරමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කරන බවද එම සංසදය කියයි.
නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ විශේෂිත මහජන සෞඛ්‍ය ආයතනවල තනතුරු 18ක් සඳහා පත්කිරීමේදී ප්‍රජා සෞඛ්‍ය පශ්චාත් උපාධිධාරීනට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ඉතිරි නියෝජන වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ තනතුරු සඳහා පත්කිරීමේදී වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය ලබාදීමටත් නිර්දේශ කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබූ බව ද වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදය පවසයි.

Share with your friends :