27 C
Colombo
23/10/2024

රුපියල බේරගන්න ආණ්ඩුව තෙල් නිෂ්පාදන රටවල් එක්ක ඉන්ධන ගන්න සාකච්ඡා

Share with your friends :

දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගැනීම සඳහා ශ්‍රීලංකා රජය බොරතෙල් නිපදවන රටවල ආණ්ඩු සමග ඉන්ධන ආනයනය සඳහා ගිවිසුම් ඇති කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.
මේ යටතේ මෙරටට අවශ්‍ය ඉන්ධන දීර්ඝ කාලීන ණය යටතේ ලබා දෙන ලෙස රජය විසින් සවුදි අරාබිය,කටාර් , කුවේට් ,ඕමාන් , එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා රුසියාව ආදී රටවල් කීපයකින් දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙම ගනුදෙනු රජයන් අතර සිදු කෙරෙන ගනුදෙනු ලෙස සිදුකරන්නට නියමිතව තිබේ.
මෙම රටවල තානාපති කාර්යාල හරහා ශ්‍රීලංකා රජය අදාළ ඉන්ධන තොග සහන මිලකට දීර්ඝ කාලීන ණය ලෙස ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. මේ වන විට ශ්‍රීලංකාව ඉන්ධන මිලදී ගනු ලබන්නේ විදේශීය වෙළඳුන්ගෙන් හා සැපයුම්කරුවන්ගේ මාර්ගයෙනි.
මේ අතර ශ්‍රීලංකා රජය විදෙස් රටවල් කීපයක් සමග ඉන්ධන මිලදී ගැනීම සදහා අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට නියමිතය.
මෙරටට ඉන්ධන ගෙන්වීම සඳහා වසරකට ඩොලර් බිලියන 5ක මුදලක් වියදම් වන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
එම තත්ත්වය ආනයන අපනයන පරතරය වැඩි කිරීමට වඩාත් බලපෑම් ඇති කරන බව ද මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ග වන ඇඟලුම් සහ තේ කර්මාන්තයෙන් ලැබෙන ශුද්ධ ආදායමට වඩා වැඩි මුදලක් ඉන්ධන සඳහා වැය වන බව ද බලශක්තිය සහ ප්‍රවාහනය සඳහා ඉන්ධන යොදා ගන්නා බවද පී බී ජයසුන්දර මහතා කියා සිටියේය.

Share with your friends :