27 C
Colombo
24/10/2024

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආයතන හා පුද්ගලයන් 200 කගෙන් කෝටි 14,553 ක් පොලු

Share with your friends :

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත 2020 දෙසැම්බර් 31 දා වනවිට ආයතන හා පුද්ගලයන් 200 කට වැඩි පිරිසකගෙන් අයවිය යුතුව ඇති රුපියල් කෝටි 14,553කට අධික මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
මෙලෙස ගෙවීම් පැහැර හැර ඇත්තේ කුඩා කුඩා ව්‍යවසායකයන් නොව දැවැන්ත සමාගම් වන අතර ගෙවීම් පැහැර හැර ඇති ආයතන අතර ෆිනෑන්ස් සමාගම්, කැසිනෝ ව්‍යාපාර සහ රාජ්‍ය ආයතනද සැලකිවයුතු සංඛ්‍යාවක් ඇත. මේ මුදල් අප්‍රමාදව අයකර ගතයුතු බවට ගිණුම් කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
එසේම විවිධ ආයතන හා පුද්ගලයන් රුසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති චෙක්පත් 6878ක් බැංකු විසින් අගරු කරනු ලැබ ඇත. මෙසේ අගරු වී ඇති චෙක්පත් විශාල මුදල් ප්‍රමාණවල ඒවා වන අතර සුවිශාල ව්‍යාපාරිකයන් සහ ධනවතුන් විසින් ලබා දී ඇති ඒවාය. මේ අතර කැසිනෝ ව්‍යාපාරයක හිඟ බදු ලෙස රුපියල් කෝටි 267 ක් අයකර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

Share with your friends :