27 C
Colombo
24/10/2024

විදේශ ආයෝජකයෝ ගෙන්වා ගන්නට ළඟදීම රටේ නීති වෙනස් කරනවා- ඇමති ගොඩහේවා

Share with your friends :

රටේ පවතින නීති පද්ධතියේ යම් යම් සංශෝධන සිදුකළ පසුව විදේශ ආයෝජන අනිවාර්යයෙන්ම ගලාගෙන එනු ඇති බවත් අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.
“රටක් දියුණු වෙන්න බෑ මේ සෘණාත්මක මානසිකත්වයෙන්. රට දියුණු වෙන්න නම් ධනාත්මක මානසිකත්වයක් තියෙන්න ඕනෙ. අපි අපි ගැන විශ්වාස කරන්න ඕනෙ. අපි අපේ රට ගැන, ආණ්ඩුව ගැන විශ්වාස කරන්න ඕනෙ. ඒ විශ්වාසය නැවත ඇතිකරගන්න පුළුවන් වුණොත් සමහරවිට ඔබේ ඇස් වැහිලා තියෙන කඩතුරාව ඉවත් වේවි. ඔබට සිද්ධ වෙන දේවල් පෙනේවි. ඔබට අනාගතයේ ආලෝකය යළි දකින්න පුළුවන් වේවි.
අපි විශ්වාසයෙන් කියනවා මේ අවුරුදු පහ තුළ, ජනාධිපතිතුමාගේ ධුර කාලය තුළ පාර්ලිමේන්තුවේ ධුර කාලය තුළ අපි මේ රටේ නැවතත් ජීවය ගේනවා.
අද විදේශ ආයෝජකයො අපට කතා කරනවා. විදේශ ආයෝජකයො පහුගිය කාලෙ ආවෙ නෑ. අද අපට ඕනෙ තරම් විදේශ ආයෝජකයො කතා කරනවා. අපට මේ රටේ තියෙන නීති පද්ධතිය, මේ ක්‍රමවේදය යම් වෙනස්කම් කීපයක් කරගන්න තියෙනවා. ඒවාත් හෙට අනිද්දා අලුතින් අණ පනත් ඇවිල්ලා සිද්ධ වෙනවා. ඊට පස්සෙ විදේශ ආයෝජකයො අනිවාර්යයෙන්ම ගලාගෙන එනවා. අද ඒ නැතුවත් අපට විදේශ ආයෝජකයො සෑහෙන පිරිසක් කතා කරනවා”
යනුවෙන් නාලක ගොඩහේවා මහතා පැවසුවේ පිළිසකර කරන ලද පිටකොටුවේ පාවෙන වෙළඳපොල යළි විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

Share with your friends :