කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලයේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය කියයි.
අයුතු ජනරාශියක සාමාජිකයන් වීම, රජයේ දේපළ වලට හානි කිරීම, යන කරුණු මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද (08) උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බවය.
එම සිදුවීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුව උන්වහන්සේ ඇප පිට මුදාහැර තිබේ.