රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය.
මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද කතානායකවරයා සඳහන් කළේය.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනයට වෙනත් අයකු පත් කිරීමට ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙසට බල කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ ආසයන අසලට පැමිණ උද්ඝෝෂණය කිරීම නිසා පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
කතානායකවරයාගේ තීරණයට විරුද්ධව එම මන්ත්‍රිවරු මුලින්ම පොත්පත්වලින් තම මේසවලට ගසමින් කෑ කෝ ගැසූහ. ඔවුන් කතානායකවරයාගේ අසුන අසලට පැමිණියේ ඉන් අනතුරුවය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරුවූ රන්ජන් රාමානයක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවම් ඉකුත් පෙබරවාරි මස 12 වැනි දා නියම කරනු ලැබීය.
මේ අතර රන්ජන් රාමනායක මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතා පත් කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
මාන්නප්පෙරුම මහතා පදුගිය වසරේ පැවැති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලයිස්තුවේ ඊළගට වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගත් අපෙක්ෂකයාය.
ඔහු එම මැතිවරණයෙන් ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 470212කි.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ආසනය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවණ කොමෂන් සභාවට දැනුම් දී ඇති හෙයින් එම කොමිසමේ උපදෙස් මත ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා විසින් එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ඉදිරි දිනවල යෝජනා කෙරෙනු ඇත.