27 C
Colombo
17/11/2024

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කිරීමට විරෝධය

Share with your friends :

මෙවර අයවැයෙන් පැනවූ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් යටතට ගැනීමට උත්සාහ කරන්නේ ඇයිද යන්න ගැටළු සහගත බව දේශීය ආදායම් සේවා සංගමය පවසයි.
දේශීය ආදායම් සේවා සංගමයේ සමලේකම් එච්. ඒ. එල්. උදයසිරි මහතා පවසන්නේ ” මේක දේශීය ආදායම් එකට කරන්න බෑ කියලා රජය කියනවා නම් ඕක භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයකට කරන්න පුළුවන්ද ?” යන්න ගැටළුවක් බවයි.
“මෙවර අයවැයෙන් හඳුන්වලා දුන්නා මුදල් පනතේ සංශෝධනයක් හැටියට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක්. ඒ බද්දට මුලින්ම ඇතුළත් කරනවා කියලා සඳහන් කළේ විදුලි සංදේශ සේවා, සිගරට්, මත්පැන්, වාහන, කැසිනෝ ආදී ක්ෂේත්‍රයන් ගණනාවක්. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කියන ක්ෂේත්‍රයන්ට අදාළව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද ඉදිරියේදී නීති සම්පාදනය කරලා මේක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නෙ.
රටේ බදු ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. දේශීය ආදායම්, රේගු සහ සුරාබදු. 2019 වසරේ රජයේ සමස්ත ආදායම බිලියන 1890යි. එයින් 54%ක් රැස් කරලා දීලා තිබුණෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. ප්‍රශ්නය වෙන්නෙ මේ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්නෙ ඇයි කියන කාරණය සහ ඒක භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් මගින් පරිපාලනය කරන්න හදන්නෙ ඇයි කියන කාරණය ” ඒ මහතා වැඩිදුටත් පැවසීය.

Share with your friends :