27 C
Colombo
16/11/2024

සහල් කිලෝ 3 ක් සති දෙකකට පවුලකට ප්‍රමාණවත්-වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන

Share with your friends :

සහල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

සතොස විසින් මේ දිනවල ලබාදෙමින් ඇති සහන මල්ල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම සහන මල්ල හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල වශයෙන් කැළඹීමක් ඇතිව ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි බවද පැවසූ ඔහු වෙනත් ආයතන විසින් එම භාණ්ඩ ඊට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු කරමින් ඇතැයිද කියා සිටියේය.

කෙසේ නමුත් සතොස විසින් ලබා දෙන භාණ්ඩ වගකීමක් සහිතව ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

“මේ එක පවුලකට සාමාන්‍යයෙන් හාල් කිලෝ තුනක් තියෙනවා. සීනි කිලෝවක්. මේ කාලපරිච්ඡේදය සති දෙකක වගේ කාලෙකට ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතනවා පවුලකට”
යයිද ඇමතිවරයා පැවසීය.
බන්දුල ගුණවර්ධන ඇමතිවරයා රුපියල් 2500 කින් මාසයක කාලයක් පවුලකට ජීවත්වීමට හැකි බව මීට කලකට පෙර ප්‍රකාශ කල අතර මෙවර ප්‍රකාශයත් සමග ජනතාව යළිත්වරක් එම ප්‍රකාශය මතක් කරමින් සිටින බව සඳහන්ය.

Share with your friends :