පසුගියදා තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන අමාත්‍ය ලින් චියා ලුන් සිය අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළද එරට රජය එම ඉල්ලා අස්වීම භාර ගෙන නැත. ඔහු තමන් ඉල්ලා අස්වන බව ෆේස්බුක් ඔස්සේ පවසා තිබිණි. රජය පවසන්නේ මේ අවස්ථාවේ ඇමතිවරයා ඉල්ලා පරීක්ෂණ කටයුතුවලට බාධාවක් බවය.
පසුගිය සිකුරාදා තායිවානයේ සිදු වූ දුම්රිය අනතුරෙන් දුම්රිය මගීන් 50 ක් මියගිය අතර තවත් 200 කට අධික පිරිසක් තුවාල ලබා තිබිණි. අදාල දුම්රිය උමගක් හරහා ගමන් කරමින් තිබියදී අනතුර ලක්ව තිබූ අතර මේ නිසා සිරවී සිටි මගීන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ඇතැම් පවුල් වල සියලුඅම දෙනා මියගොස් තිබු අතර ඇතැම් තුවාල ලැබුවන්ගේ පවුල්වල සෙසු සියලු දෙනා මියගොස් තිබිණි.
දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා ගෙන ආ වාහනයක් හදිසියේ දුම්රිය මාර්ගයට ලිස්සා යාම අනතුරට හේතුවී තිබිණි. අදාළ නඩත්තු කටයුතු භාර කළමනාකරුට සිද්ධිය සමබන්ධයෙන් නඩු පවරා ඇති අතර ඔහු ඇප පිට නිදහස් කර තිබේ.
දුම්රියේ රියදුරුද අනතුරින් මිය ගොස් ඇත. ඔහු අනතුර වලක්වා ගැනීම සඳහා විශාල උත්සහයක් ගෙන ඇත. එහෙත් ඒ සඳහා ඔහුට තිබී ඇත්තේ තත්පර දහයකටත් අඩු කාලයකි.