තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරට හේතුව එම දුම්රිය මාර්ගයේ උමග කෙළවරක නඩත්තු කටයුතු සිදු කරමින් තිබු වාහනයක් දුම්රිය මාර්ගයට ලිස්සා යාම බව මේ වන විට හෙළිවී තිබේ. ඒ අනුව ඒ සඳහා වගකිව යුතු අදාළ නඩත්තු සේවා ස්ථානයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇප පිට මුදාහැර තිබේ.
අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 50 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 66 දෙනෙකු තුවාල ලබා ඇත . දුම්රිය මැදිරි 08කින් සමන්විත දුම්රියක් උමං මාර්ගයක් තුළදී අනතුරට පත් විය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තායිපේ අගනුවර සිට ටයිතුන් බලා ගමන් කළ දුම්රියකි.
අනතුරට සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ පුද්ගලයින් 494 දෙනෙකු පමණ සිට ඇත. හැත්තෑවසරක් තුල එරට සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මෙයයි.