27 C
Colombo
25/11/2024

පොල්තෙල් සිද්ධිය පිටුපස සිටින බලවේග ගැන සොයා බලනවා – නාමල් රාජපක්ෂ

Share with your friends :

පොල්තෙල් සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන තත්වය පසුපස මෙරට හා විදේශීය පාම් මයිල් හෙවත් කටුපොල් වගාකරුවන් හා පාම් ඔයිල් ගෙන්වන සමාගම් මෙන්ම මෙරටට පාම් ඔයිල් ආනයනය කෙරෙන රටවල් සිටින බවට සැක මතුවී තිබේ. ඊට හේතුව වත්මන් රජය පොල්තෙල් සඳහා ප්‍රමුඛතාව දෙමින් පාම් ඔයිල් සඳහා බදු වැඩි කිරීම හා කටුපොල් වගාව තහනම් කිරීමය.
මේ අතර පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපොලට නිකුත්ව ඇතැයි යනුවෙන් ප්‍රචාරණය වූ කතාව බොරුවක් නම් ඒ පසුපස සිටි බලවේග කවුරුන්ද යන්න පිළිබඳවත් විමර්ශනයක් සිදුකළ යුතු බව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී අවධාරණය කර තිබේ.
“ඒ පිළිබඳව ආණ්ඩුව විසින් පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම මේ කාරණය පිටිපස්සේ ඇත්ත නැත්ත පිළිබඳව සමාජයට හෙළිකරන්න ඕනෙ.
එය බොරුවක් නම් මෙවැනි බොරු සමාජගත කරන්න පිටිපස්සෙ ඉන්නෙ කවුද, එහෙම නැත්නම් මේ පොල්තෙල් වලට විරුද්ධව යන වෙනත් බලවේගයක් ඉන්නවද ? මොකද අපි දන්නවා විජාතීය සමාගම් පවා මේ එක් එක් රටවල්වල මෙවැනි දේශීය නිෂ්පාදන නවත්තන්න කටයුතු කරලා තියෙනවා. ඉතිං අද දේශීය නිෂ්පාදන ශක්තිමත් කරන්න උත්සාහ කරන කාලසීමාවක එවැනි බලවේගයක් මේක ඇතුළෙ ක්‍රියාත්මක වෙනවාද කියන එකත් හොයන්න ඕනෙ.
ඒ නිසා ආණ්ඩුවක් හැටියට අපෙ ප්‍රතිපත්ති පැහැදිලියි. ඒ වගේම තමා ජනාධිපතිතුමා, අගමැතිතුමා, විෂය බාර ඇමතිතුමා මේ පිළිබඳ ජනතාවට පැහැදිලි කළා විතරක් නෙවෙයි එය බොරුවක් නම් ඒ බොරුව සමාජගත කරන්න හේතුව කුමක්ද කියලාත් දැඩි පරීක්ෂණයක් කරන්න ඕනෙ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කර ඇත.
මේ අතර මේ සිද්ධිය පසුපස ප්‍රබල ඇමැතිවරයකුගේ සම්බන්ධයක් ගැනද මේ දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇතිවී තිබේ.

Share with your friends :