ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එලෙස පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව ඔහු සඳහන් කළේය.
“අපේ රට තුළට ලැබිලා තියෙන එන්නත් ප්‍රමාණය 1,264,000 වෙනවා එයින් මේවන විට එන්නත් මාත්‍රා 923,954 අද උදෑසන වන විට අපි ලබාදීලා තියෙනවා. ඒ අවස්ථාවේදී අපට දෙවන මාත්‍රාව ලබාදීම සිදුකළ යුතුයි. ඒ නිසා අපි මේ අවස්ථාවේදී පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවා තියෙනවා. දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අපට එන්නත් අවශ්‍ය නිසා. නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ අග හරි මැයි මාසයේ මුල වනවිට අපිට නැවතත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අපේ රට ඇණවුම් කර මිලදී ගන්නා මාත්‍රා වගේම කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය, ගැවී සංවිධානය, යුනිසෙෆ් සංවිධානය වගේ සංවිධාන විසින් පිහිටුවා ගත් කොවැක්ස් පහසුකම යටතේ අපිට නොමිලේ ලබාදෙන කොවිෂීල්ඩ් එන්නත් අපිට ලැබෙයි කියලා. ඒ ලැබුණු වහාම ජනතාවට මේ එන්නත් ලබාදීම නැවත් ආම්භකරනවා.” යැයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
previous post