27 C
Colombo
25/11/2024

මියන්මාර හමුදාව කුඩා දරුවන් 43 ක් ඝාතනය කරලා-මාස දෙකට ඝාතන 536 ක්

Share with your friends :

මියන්මාර හමුදා පාලකයන් විසින් පසුගිය මාස දෙකක කාලය තුල කුඩා දරුවන් 43 දෙනෙකු ඝාතනය කර තිබේ. මේ වන විට මියන්මාර හමුදාවන් විසින් වයස අවුරුදු හයක කුඩා දැරියක ඝාතනය කර තිබේ. තම පියා සමග නිවස තුල සිටි දැරියක මෙසේ ඝාතනය කර ඇත.
මේ වන විට මියන්මාර හමුදා විසින් ඝාතනය කර ඇති නිරායුධ සිවිල් වැසියන් සංඛ්‍යාව 536 කි.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී රටේ රාජ්‍ය රහස් නීති කඩකළ බවට චෝදනා එල්ල කර ඇති මියන්මාර හමුදා පාලකයෝ ඇයට එරෙහි නඩු විභාග ආරම්භ කර ඇත.එම වරදට ඇයට වසර 14 ක් දක්වා කාලයකට සිර දඬුවම් ලබා දිය හැක.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එරට සිටින තම කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් වලට එරටින් ඉවත්වන ලෙසට දන්වා තිබේ.
මියන්මාරයේ කෘර හමුදා පාලනයට එරෙහිව ප්‍රධාන රටවල් රැසක් මේ වන විට දැඩි පියවර ගනිමින් සිටිති. මේ වන විට මියන්මාර හමුදා පාලකයන්ට කිසියම් හෝ සහයෝගයක් ලබාදී ඇත්තේ චීනය හා රුසියාව පමණි.

Share with your friends :