අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබාදීමේ සහන වැඩපිළිවෙළක් අද සිට ආරම්භවේ.
වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ගේ සංකල්පයක් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකය.
මේ අනුව රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක්, රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක්, තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක්, ලුණු පැකට් 1ක්, හාල්මැස්සෝ ග්‍රෑම් 250ක්, කෑලි මිරිස් පැකට් 1ක්, සෝයා මීට් පැකට් 1ක්, තේ කුඩු පැකට් 1ක් සහ මුහුණු ආවාරණයක් එම සහන මල්ලට අයත්ය.එමගින් පාරිබෝගිකයාට හිමිවන වාසිය රුපියල් 410 ක් බව වෙළඳ අමාත්‍යංශය පවසයි.
previous post