පළාත් සභා මැතිවරණය පැවැත්වීමට විරුද්ධ පාර්ශව කීපයක් සීමා නිර්ණය හෝ ඊට අදාළ වෙනත් කරුණු මුලික කර ගෙන අධිකරණයට යාමට කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව පළාත් සභා මැතිවරණය කල් දමා ගැනීම මේ පිරිසේ අරමුණවී තිබේ. කෙසේ වෙතත් රජයේ අරමුණවී ඇත්තේ හැකිතාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමටය.
මේ අතර පළාත් සභා මැතිවරණය සමබන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී එකඟතාව දැක්වූ ආණ්ඩුවේ ඇතැම් හවුල්කාර පක්ෂවල ඇතැම් ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් පසුව වෙනත් මත පළකර තිබේ. පළාත් සභා මැතිවරණය දැන්මම නොපවත්වා මුලින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන ලෙසට ආණ්ඩුවට මහාසංඝරත්නය හරහා සිදු කෙරෙන බලපෑම් පසුපස මෙම පාර්ශව සිටින බව සඳහන්වේ.
next post