සමාගම් කීපයක් මගින් ආනයනය කළ පොල්තෙල් තොගවල සාම්පල දෙවැනි තත්ත්ව පරීක්ෂණයෙන් ද අසමත් වී ඇතැයිද ඒ හේතුවෙන් ඒවා ප්‍රති අපනයනය කරන ලෙස ශ්‍රීලංකා රේගුවට දැන්වූ බවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.
අදාල ආනයනික සමාගමේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම තත්ත්ව පරීක්ෂාව අසමත් වීමට හේතුවයි. කෙසේ වෙතත් සමාගම් පවසන්නේ අදාළ අපද්‍රව්‍ය සියල්ල පිරිපහදුකරණයේදී ඉවත් කරන බවයි.