ඊජිප්තුවේ සුවස් ඇල හරහා සතියක් පමණ තිස්සේ සුවස් ඇළෙහි සිරවී තිබුණු එවර් ගිවන් නමැති විශාල කන්ටේනර් නැව සෑහෙන දුරට කෙලින් කර එය යලි සෙසු නැව් ධාවනයට සුදුසු පරිදි විවෘත කරන්නට සහන කණ්ඩායම් සමත්වී තිබේ. මෙහිදී ඇල දෙපස නෞකාව සිරවී තිබුණු ස්ථානය හරණ ලද අතර ඒ සමගම ටග් යාත් විශාල ප්‍රමාණයක් යොදවා නැව තල්ලු කරන ලදී.
මේ සමගම ආසියාව හා යුරෝපය අතර නැව් ගමනාගමනය නැවත ආරම්භ විය. මේ වන විට නැව් තුන්සියයකට වැඩි ප්‍රමාණයක් දෙපැත්තේම සිරවී පවතී. මේ නිසා ලොව පුරා ඇතිවී තිබෙන නාවික තදබදය ඉවත්වන්නට සති කීපයක් ගත වනු ඇත.
මෙම නෞකාව සිරවීම නිසා එම ඇල මාර්ගයේ නැව් ගමනාගමනය ඇනහිටීම නිසා ලෝක ඉන්ධන මිල හා අනෙකුත් ආහාර මිල ගණන් ඉහළයාම පවා සිදුවිය. මෙම නැව සිරවීමට හේතුව දරුණු සුළං තත්වයක් පැවතීම බව පැවසේ.මෙම නෞකාව එවර්ග්‍රීන් නැව් සමාගමට අයත්ය. එය පැනමාවේ ලියාපදිංචි කර ඇති අතර චීනයේ සිට නෙදර්ලන්තය වෙත යාත්‍රා කරමින් සිටින අතරතුර සුවස් ඇල හරහා යාමේදී සිරවී තිබේ.ලොව විශාලතම කන්ටේනර් ප්‍රවාහන නැවක් වන මෙහි කන්ටේනර් 20,000 ක් ඇති අතර එහි බර ටොන් 220,000 කි.අඩි 1300 ක් දිගින් හා අඩි 194 ක පළලින් යුත් මෙම නෞකාව 2018 වසරේ නිෂ්පාදනය කරන ලද්දකි. 1859 ඉදිකිරීම් ආරම්භ කල සුවස් ඇල 1869 දී වැඩ අවසන් කරන ලදී . එය මධ්‍යධරනී මුහුද සහ රතු මුහුද යාකරනු ලබයි. එය ආසියාව හා යුරෝපය යා කරන කෙටිම මාර්ගය වේ. සූවස් ඇල මාර්ගය කිලෝමීටර් 193.3 ක් දිගින් යුක්තය.