මෙරට ඇතැම් පොල්තෙල් වර්ග වල ඇෆ්ලටොක්සීන් අඩංගු බවට ශ්‍රීලංකා රසායන විද්‍යා ආයතනය මගින් 2013 වසරේදීද වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
එහෙත් ඒ අවස්ථාවේ කිසිදු පාර්ශවයක් මේ සම්බන්ධයෙන් පිළියම් ලබා ගෙන නොමැත.
පිළිකා කාරක විෂ සහිත බව කියන ඇෆ්ලාටොක්සින් රසායනිකයක් නොවේ. පුස් වර්ගයකි. පොල් තෙල් වල පමණක් නොව වියලි මිරිස්, සහල් හා රට කජු වලද ඇෆ්ලාටොක්සින් තිබිය හැකි බව පැවසේ.
ඇෆ්ලාටොක්සින් B1 මිනිසුන්ගේ ශරීරයට අහිතකර වන අතර, ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සඳහා වෙන වෙනම සීමාවක් නියම කර ඇත.
ලෝකයේ ඇෆ්ලටොක්සින් වර්ග 14 ක් පමණ තිබුණත් මිනිසාට සහ සතුන්ට හානිදායක වන්නේ වර්ග 4 ක් පමණයි. මෙය ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ Aspergillus flavus සහ Aspergillus parasiticus නම් දිලීර මගිනි.ඇෆ්ලටොක්සින් කියන්නේ හයිඩ්‍රොකාබන වලලු පහක් එකිනෙක බැඳී සෑදුන රසායනිකයක්. Aflatoxin B1, Aflatoxin B2, Aflatoxin G1, Aflatoxin G2, (AFB1, AFB2, AFG1, AFG2) කියලා වර්ග හතරක් ඇත.
මේවා නම් ඇත්තේ පාරජම්බුල කිරණ හමුවේ නිකුත් වන ෆ්ලොරසන්ට් ආලෝකයේ වර්ණය අනුව මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරයට B1,B2 නිල් පාට, G1,G2, කොළ පාට ලෙසය.Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර Aspergillus flavus නිෂ්පාදනය කරන්නේ B වර්ගය පමණයි.
මේ දිලීර වර්ග හැදෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන මත. විශේෂයෙන්ම ඒවා තෙත්, උණුසුම් ස්ථානයක වැඩි කාළයක් ගබඩා කිරීම නිසා මෙම දිලීර වර්ධනය වෙනවා. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩු වර්ග මත වර්ධනය වේ. ඒ නිසා මේ දේවල් හොඳින් අව්වේ වියලා ගබඩා කිරීම සිදු කෙරේ. මේ නිසා ඇෆ්ලටොක්සින් නිසා සිදුවන හානි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ඝර්ම කලාපීය රටවලය. මේ දිලීරවල හැදෙන ඇෆ්ලටොක්සින් ආහාර ද්‍රව්‍ය මත රැඳෙන අතර
ඇෆ්ලටොක්සින්වල භයානක කම පියවි ඇසට අවර්ණ, ගඳක් සුවඳක් රසක් තිත්තක් නැති රසායන ද්‍රව්‍යයක් නිසාය.
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නියමයන්ට අනුව කිලෝ ග්‍රෑම් එකකට ඇෆ්ලාටොක්සින් මයික්‍රෝ ග්‍රෑම් 10කට වැඩිනම් පාරිභෝගිකයින් සඳහා මුදාහැරිමට අනුමැතිය නොදේ. එහෙත් සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය නියමයන්ට අනුව එම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එකකට ඇෆ්ලාටොක්සින් මයික්‍රෝ ග්‍රෑම් 30 දක්වා සලකා බලනු ඇත.
ශ්‍රී ලංකාවේ පොල් තෙල් කර්මාන්තශාලා තුළ නිපදවන දේශීය පොල් තෙල් පිරිපහදු නොකරන අතර කිසිදු ආයතනයක් මෙම පොල් තෙල් තත්ත්ව පාලන කාර්යාංශයේ ප්‍රමිතිය අනුව පරීක්ෂා නොකරන බව පැවසේ. කෙසේ වෙතත් පවතින තත්වය මත මෙරට තුල නිෂ්පාදනය වන පොල්තෙල් සඳහාද මෙවැනි අන්දමේ තත්ත්ව පරීක්ෂණ සිදු කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.