මියන්මාරයේ අද පැවති උද්ඝෝෂණ වලට එරට පොලීසිය හා හමුදාව සිදුකල වෙඩිතැබීම් වලින් සිවිල්වැසියන් 114 දෙනෙකුට අධික පිරිසක් ඝාතනය වී තිබේ. මෙසේ ඝාතනය වී ඇති පිරිස අතර කුඩා දරුවෝද වෙති. තවත් දහස් ගනනක් තුවාල ලබා තිබේ. යැන්ගුන් හා මැන්ඩාලේ නගර වලදී මෙම ඝාතන සිදුවී තිබේ. මෙය වියට්නාමයේ වැඩිම ඝාතන ප්රමාණයක් සිදුවූ දිනය ලෙස සැලකේ.
මෙම ඝාතන ඇමරිකා එක්සත් ජනපදය , එක්සත් රාජධානිය,හා යුරෝපා සංගමය හෙලා දැක තිබේ.
මියන්මාරයේ මෙතෙක් පැවති උද්ඝෝෂණ වලට එරට පොලීසිය හා හමුදාව සිදුකල වෙඩිතැබීම් වලින් මේ දක්වා 440 කට වැඩි පිරිසක් ඝාතනය වී තිබේ. අත්අඩංගුවට ගෙන ඇති පිරිස 440 කට අධිකය.