27 C
Colombo
25/11/2024

චීන ණය කතා අස්සේ ඩොලරයේ අගය දිගටම ඉහලට

Share with your friends :

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද නැවත වරක් 201 සීමාව ඉක්මවා පහළ ගියේය. චීනය විසින් මෙරට ගෙවුම් ශේෂ හිඟය සඳහා විශාල ඩොලර් ණයක් ලබා දී තිබියදීත් ඩොලරය මෙසේ මිල ඉහල යාම බරපතල ගැටලුවකි.
මීට පෙර පසුගිය වසරේ මේ ආකාරයට ඩොලරය විශාල ලෙස මිල ඉහල යද්දී ඉන්දියාව විසින් ඩොලර් ණයක් ලබා දුන් වහාම ඩොලරය නැවත පෙර තිබු ප්‍රමාණයටම අඩු විය. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රීලංකාව ඉන්දියාවෙන් යලිත් ඩොලර් ණයක් ඉල්ලා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (26) රුපියල් 201.60ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 196.72ක් ලෙසත් දැක්විණි.ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ ගියේ ඉකුත් (17) වැනිදා ය.
මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 6.5කින් අවප්‍රමාණය වී ඇත. මේ අතර ශ්‍රීලංකාව බංග්ලාදේශ රජයෙන්ද ඩොලර් ණයක් ඉල්ලා ඇති බව සඳහන්වේ.

Share with your friends :